පුවත්

ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය උස්සන්න උත්සාහයක්

Published

on

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම සෝලම, මීරගහවත්ත වැලිමඩ, උඩුව, මහනුවර යන ප්‍රදේශවල 29,38 සහ 41 වියේ පසුවන තිදෙනෙකි.

ඓතිහාසික ජේතවනාරාම දාගැබ ආරක්ෂාවට පවතින සලපතල මළුවේ පිහිටුවා ඇති අකුණු සන්නායකය සොරා ගැනීමට පැමිණි තිදෙනා එම සොරකම් කිරීමට ප්‍රථමයෙන් ජංගම දුරකථන මගින් මෙම අකුණු සන්නායකයේ ඡායාරූප ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් උඩමළුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (02) උදෑසන සිට සිදු කළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් එදින පස්වරු 3.15ට පමණ සලපතල මළුවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අකුණු සන්නායකය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර රාත්‍රියේදී සොරා ගැනීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කලේය.

අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගේ ජංගම දුරකථන පරික්ෂාවේදී මොවුන් විසින් මීට පෙර සිදු කරන ලද නිදන් වස්තු සොරා ගැනීම පිළිබඳව තොරතුරු රැසක් ද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

Trending

Exit mobile version