පුවත්

ජොන්ස්ටන්ගේ BMW නඩුවට සම්බන්ධ තවත් දෙදෙනෙක් අධිකරණයට

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ හිල්ටන් හෝටලේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ( ඔක්තොම්බර් 23) නියෝග කලේය.

අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබුණි.

Trending

Exit mobile version