පුවත්

ජොන්ස්ටන්ට එරෙහි නඩු ගැන අල්ලස් කොමිසමට නියෝගයක්

Published

on

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩු තුනක් නිෂ්ප්‍රභ කොට විත්තිකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිය විසින් මතුකර තිබෙන මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 09 වනදා ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය අද (01) අල්ලස් කොමිසමට නියෝග කළේය.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටිය දී 2010 සහ 2014 අතර කාලයේදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩු ගොනුකර තිබේ.

අදාළ නඩු කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන අධිකරණයට භාරදී ඇත.

එම දේශන භාරගැනීමෙන් අනතුරුව අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළේ ඊට අදාළ පැමිණිල්ලේ ලිඛිත දේශන දෙසැම්බර් මස 09 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මූලාශ්‍රය දෙරණ

Trending

Exit mobile version