Connect with us

පුවත්

ජොනී සොයා කොටුව වටේ ලොකු මෙහෙයුමක්

Published

on

නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් භාවිත කරන ලදැයි කියන සිද්ධියේ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් රැසක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට හා ඒ අවට ඊයේ (21) රැකවල්ලා ගෙන සිට ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමට සූදානමක් පවතින බවට ලද තොරතුරක් මත, එලෙස රැකවල් යොදා තිබූ බව පැවසේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පිවිසීමට තිබෙන සියලුම පිවිසුම් මාර්ග ආවරණය පරිදි පොලිසිය එලෙස රැකවල් යොදා තිබී ඇත.

මේ වන විට විදෙස් ගමන් තහනම් කර තිබෙන සැකකාර හිටපු ඇමැති ජොන්ස්ටන් සේවියර් ප්‍රනාන්දු නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කුරුණෑගල පොලිසිය මගින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (06) යටතේ දැනුවත් කර තිබුණ ද, එය මගහරිමින් සැකකරු කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණ විමර්ශනයට අදාළ සහාය ලබා දීමක් සිදු නොකරන බවද නිරීක්ෂණය වී ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහෙස්ත්‍රාත්වරිය වෙත දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

සබැඳි පුවත්
ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට


හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් සමිතා වාහන 3ක් ගත්තාද?


ජොනීගේ BMW එක ගැන ටැක්සි අබේ වමාරයි; දෑඅවුරුද්දක් ජොනී පැද්දේ මේක CIDය කියයි

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved