පුවත්

ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

Published

on

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම වී තිබේ. 

ඒ නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊට අමතරව රු. ලක්ෂයක දඩයක්ද නියම කර ඇත.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.

Trending

Exit mobile version