Connect with us

පුවත්

ට්‍රම්ප්ගේ බද්ද නිසා ලංකා ආර්ථිකයටත් බලපෑම්; වැට් බද්දත් තීරුබදුවලට එකතුකරන්න යයි

Published

on

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු ඇතැයි වාර්තා වේ.

ලබන අප්‍රේල් මාසයේ සිට මෙකී නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඇමෙරිකානු රජය තීන්දු කර ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා බදු ආදායම් පරතරය දෙරටටම සමාන්තර අයුරින් ක්‍රියාත්මක කිරීම නව බද්දේ අරමුණ බව සඳහන්ය.

දැනට වාර්තා වන ආකාරයට ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මිලදී ගැනීම් සිදු කරන අතර ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 600 ක මිලදී ගැනීම් සිදු කරයි. 

මෙම තත්ත්වය යටතේ ඇමෙරිකාවට වාර්ෂිකව සිදු කරන ඩොලර් බිලියන 2 කට අධික වෙළෙඳ අවාසිය පියවා ගැනීමට එරටට ආනයනය කරනු ලබන ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වන බදු අනුපාත ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන බද්දක් නොවන අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ලොව බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක කෙරෙන්නක් බවද සඳහන්ය. 

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අය කරන වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීමට ට්‍රම්ප් පරිපාලනය තීන්දු කර තිබේ.

මූලාශ්‍රය – දේශය

පුවත්

2026දී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කරයි

Published

on

By

2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.

අදාළ අයඳුම්පත මෙසේය :

Continue Reading

පුවත්

ලංකාව – හංගේරියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published

on

By

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ  Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී  Adrienn Hegyi Szénásine අත්සන් කර ඇත.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

Continue Reading

පුවත්

සිරුරට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන නතර කරන්න පියවර

Published

on

By

දරුවන්ගේ ශරීර වලට අහිතකර විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (03) දින මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බවයි.

වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් ඉදිරි මාස දෙකක කාලයේදී දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved