රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවය.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද ඔහු පවසා තිබේ.
කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල දෛනිකව පවතින දැඩි රථ වාහන තදබදය අවමකර ජනතාවට සහනයක් සැලසීමේ අරමුණෙන් මෙම ක‍්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය.