Connect with us

පුවත්

ටික්ටොක් ඔට්ටුවලට යතුරුපැදි රේස් පැද්ද තරුණයින් 12ක් අත්අඩංගුවට

Published

on

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමත් සමගම තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා පළා ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පොලීසිය සඳහන් කළේය.

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලීසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් 10දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

එකී පිරිස එලෙස යතුරු පැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ද දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබුණි.

තනි රෝදයෙන් එකී මාර්ගය තුළ මීටර් සීය දෙසිය ආදී තරග ඉසව් සඳහා මුදල් ඔට්ටු ඇල්ලීම ඇතුළු රුපියල් ලක්ෂය දක්වා විකල් ඔට්ටු අල්ලා තරගයට මෙම යතුරු පැදි ධාවනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරුපැදිවලට විවිධ අංගෝපාංග සවිකර හැඩය වෙනස් කර තිබූ අතර සයිලන්සර්වලට ශබ්දය වැඩි කිරීම සඳහා ද අමතර කොටස් සවිකර තිබූ බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන 18 වෙනිදා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යතුරුපැදී දමා පළා ගිය තරුණයන් සොයා යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන සිදුකරන බව පිළියන්දල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved