ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන් යළිත් වරක් දේශපාලන පිම්මක් පැන තිබේ.
ඒ අනුව මෙවර ඔහු රන්ජන් රාමනායක මහතා පිහිටුවා ගෙන තිබෙන නව පක්ෂය වන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ’ පක්ෂය සමඟ අද (09) එක්විය.
නව පක්ෂයේ ජාතික සංවිධාකයවරයා ලෙස ඔහු කටයුතු කරන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාද එම පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂකයෙක් ලෙසට කටයුතු කරයි.
තිලකරත්න ඩිල්ෂාන් මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් විය.
ඒ අනුව ඔහුව සමගි ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙසද පත් කෙරුණි.
කෙසේවෙතත් ජනාධිපතිවරණය අවසන් වී මසක් ගතවන්නටත් පෙර ඔහු සජිත් ප්‍රේමදාස මහතාව හැර දමා රංජන් රාමනායක මහතා සමඟ එක්ව තිබේ.
මීට පෙර දැඩි රාජපක්ෂවාදියෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් මහතා 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට කටයුතු කලේය.