Connect with us

පුවත්

ටී.සර්වනරාජා වෙනුවෙන් උතුරේ හර්තාල්

Published

on

මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදු වූ බවකියන මරණ තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් කැඳවා තිබේ .

එසේම, උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීම නතර කිරීම හා මඩකලපුව, මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරෝධය පළ කිරීමද මෙහි තවත් අරමුණක් වී තිබේ.

දෙමළ දේශපාලන පක්ෂ 07 විසින් ඒකබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම හර්තාල ව්‍යාපාරය දියත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම උතුරු පලාතේ මෙම හර්තාලයට උතුරේ වෙළඳ සංගමය විසින් සහය දැක්වීම හේතුවෙන් අද දින වෙළඳසැල් සියල්ලක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

 අධිකරණ කටයුතු වලදී ද මහෙස්ත්‍රාත්වරුන් සේවයට වාර්ථා කොට තිබූ අතර නීතිඥවරු පමණක් සේවයෙන් ඉවත්ව තිබුණි.

නමුත්‍ රාජ්‍ය අංශ හා පාසල් කටයුතු මෙන්ම ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.

කෙසේ වෙතත් අද දින සංවිධානය කර තිබූ හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගමයන් හා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය පමණක් සෘජුව සහය දී ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved