පුවත්

ටෙලිකොම් කොටස් පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහා භාණ්ඩාගාරය සතු රජයේ කොටස් පැවරීම වළක්වමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට පියවර ගැනීම වළක්වමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි යන අය විසින් පෙත්සම ගොනු කර තිබේ.

Trending

Exit mobile version