Connect with us

පුවත්

ටෙලිකොම් ගන්න ඉන්න අලි රාජා ජනපතිව ලන්ඩනයේදී මුණගැහෙයි!

Published

on

එංගලන්තයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා අතර හමුවක් ලන්ඩනයේ හිල්ටන් හෝටලයේදී සිදුව තිබේ.

එම හමුවට ලයිකා මොබයිල් හි උප සභාපති ප්‍රේම් සිවසාමි මහතා ද එක්ව සිටි බව පැවසේ.

මේ අතර, ලයිකා මොබයිල් විසින් නඩත්තු කරනු ලබන බව පැවසෙන අතිර්වු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ජනපතිවරයා විසින් සුභාෂ්කරන් මහතාට සියලු දෙමළ සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දුවක් දී ඇති බවයි.

අදාළ වෙබ් අඩවියේ ජනපතිවරයා හා සුභාෂ්කරන් මහතා ගේ හමුවේ ඡායාරූපයක්ද පලකර තිබේ.

මේ අතර, සුභාෂ්කරන් මහතා මෙරට දේශපාලනයට සම්බන්ධවීමට යන බවට ද වාර්තා පැතිර තිබේ.

කෙසේවුවද, මේ හමුවට පෙර වාර්තා වූයේ ජනපතිවරයා අලිරාජා මහතා හමුවීම මගහරිමින් සිටින බවයි.

අදාළ හමුව ජනපතිවරයාගේ ඥාතියකුගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවද පැවසේ.ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින සුභාෂ්කරන් අලි රාජා මහතා  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස්වල හිමිකාරීත්වය ලබා ගැනීමට සැලැසුම් කරමින් සිටින බව ප්‍රසිද්ධ රහසකි.

අතිර්වු වෙබ් අඩවියේ සටහන පහත දැක්වේ.

සබැදි පුවත්
ටෙලිකොම් ඉඩම් පැවරීම් වල ගැටලුවක්; අලිරාජා ජනපති අල්ලන්න වලිකයි!

ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි!

ටෙලිකොම් ඉන්දියාවට: අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?

ටෙලිකොම්හි ෆයිබර් ඔප්ටික් කේබල් 5ත් වික්කම ලංකාවට අබ සරණයි 

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved