Connect with us

පුවත්

ඩගීගේ තීන්දුවෙන් අඩුවට සැමන් කාලත් හමාරයි!

Published

on

ටින්මාළු ගෙන්වීම අද (11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

ටින්මාළු ආනයනය නවත්වනු ලැබුවේ දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා බව අමාත්‍යවරයා කියයි.  

ධීවර අමාත්‍යාංශයේදී ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය දේවානන්දා අතර පැවති සාකච්ඡාවේදී වර්ථමානයේ ටින්මාළු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු රැසක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.

එහිදී ඔවුන් ප්‍රධානතම ගැටළුව ලෙස පෙන්වා දී ඇත්තේ පසුගිය මාස කිහිපය තුල ටින් මාළු ටොන් 8000ක් පමණ විදේශිය රටවලින් ගෙන්වීම නිසා දේශීය ටින්මාළු අලෙවි කර ගැනීමට දේශීය වෙළදපොලේ නොහැකි වී ඇති බවයි.

විශේෂයෙන් විදේශයෙන් ගෙන්වන ලද ටින් මාළු වල මිල අඩු වී ඇති බවත්, වර්ථමානයේ රජය විසින් පනවා ඇති වැට් සහ සෙස් බදු හේතුවෙන් තමන්ට ආනයනික ටින් මාළු ලබා දෙන මිළට සිය නිෂ්පාදන ලබා දීමට නොහැකි බැවින් සිය කර්මාන්තශාලා මේවන විට වසා දැමීමට සිදු වී ඇති බවත් එම නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති බවද පැවසේ.

ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා අද දින සිට ටින් මාළු ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර දැනට ගෙන්වා ඇති ටින් මාළු සදහාද අමතර බද්ධක් අයකිරීමට සුදුසු පියවරයන් පිළිබදව සොයා බලා තමන්ට වාර්ථාවක් ලබා දෙන ලෙසද දන්වා ඇතැයි වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් තොග වෙළඳුන්ගෙන් කරන ලද විමසීමකදී ඔවුන් කියා සිටියේ අමාත්‍යවරයාගේ මේ තීන්දුවත් සමඟ කොරෝනා සමයේදී ටින්මාළු රුපියල් 800 දක්වා ඉහල ගිය ආකාරය‍ටම ඉදිරියේදී ඉහල යනු ඇති බවයි.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved