පුවත්

ඩගී උපයෝගිතා කොමිසමට දායි!

Published

on

මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකත්වය වෙනුවෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම පත් කිරීම සිදුකර ඇත.

නව පත්කිරීමත් සමග කොමිසමේ ඝන පූර්ණය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයන් ඉල්ලා අස්වීමෙන් පසුව එහි පුරප්පාඩු ඇතිවිය.

ඉල්ලා අස්වීමට හේතු කිහිපයක් සඳහන් කරමින්, ඔවුන් සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කර තිබුණි.

මේ අතර, දෛනික විදුලිය කප්පාදුවට සිය අනුමැතිය මෙතෙක් ලබා දී නැතැයි, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Trending

Exit mobile version