Connect with us

පුවත්

ඩයනාට චෝදනා පත්‍රයක්

Published

on

ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.

ඒ ඊට අදාළ පැමිණිල්ල, අද (11) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කලේය.

ඒ අනුව, අදාළ චෝදනා පත්‍රය කියවාදීම සඳහා අගෝස්තු මස 01 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකිරීමටද අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

එමෙන්ම, නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය ත්‍රාන්තික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

——————–

(මුල් පුවත ප.ව.12:40 , ජුලි 11)

ඩයනාට නඩු පවරයි

ආගමික හා විගාමික  පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනා යටතේ  හිටපු අමාත්‍ය  ඩයනා ගමගේ මහත්මියට එරෙහිව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (11) නඩු පැවරීය.

ඇප මත සිටින ඩයනාගමගේ මහත්මිය විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  පැමිණිලි ගොනු කරමින් නඩු පැවරු අතර චෝදනා කියවාදීම අගෝස්තු 01 දින සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළු වෙල මහතා දන්වා සිටියේය.

අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තැබිණි.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය ත්‍රාන්තික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved