පුවත්

ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන්න – ජනපති

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගි වූහ.

තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඔහු ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ ‘Fireside Chat’ වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය.

Trending

Exit mobile version