Connect with us

පුවත්

ඩිපෝ මුරකරු ඝාතනය කර මුදල් කොල්ලකයි

Published

on

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ එම ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කල නුවරඑලිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙකි.

මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුල තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ඇති බවට දැනට කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණය වි තිබේ.

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැදි සිට ඇති බවත්, එම අවස්තාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු අයුධයකින් ඔහුගේ හිසට පහර දි ඝාතනය කර මුදල් රැගෙන ගොස් තිබෙන බවයි පොලිසිය පවසයි.

ඝාතනය සිදු වු අවස්තාවේ එම ඩිපෝවේ ස්ථාන භාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුල රැදි සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසා සිටියේය.

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සජින් වාස්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Published

on

By

රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර ඇත.

සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා තම නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුව ආපසු කැඳවීමට නියම කර, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved