පුවත්

ඩීසල් බවුසරයක් නිවසක් මතට පෙරළෙයි

Published

on

කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අද (06) අලුයම 2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.

බවුසරය පෙරළීමෙන් පසු ඉන් වෑහුණු තෙල් ප්‍රදේශවාසීන් විසින් එකතු කර ගන්නා අයුරු දක්නට ලැබුණි.

බවුසරය පෙරළී ඇත්තේ පස් දෙනකු නිදාගෙන සිටි නිවසක් මතට වන අතර ඔවුන් නිදා සිටි කාමරය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ප්‍රදේශවාසිහු පවසති.

ධාවනය වෙමින් තිබූ බවුසර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලීසිය කියයි. හපුතලේ  පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(අද)

Trending

Exit mobile version