ඩීසල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු නමුත් අමතර කොටස් සහ සේවාවන් වල මිල පහල දැමීමේ වැඩ පිළිවෙලක් රජය සතුව නොමැති බැවින් ඉදිරියේදී බස් ගාස්තු අඩු වීමකට යා නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කොට තිබේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ බස්රථ වලට යොදන ටයරයක් රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර බැටරියක මිල ද රුපියල් 35,000 සිට 80,000 දක්වා ඉහල ගොස් ඇති බවය.
තවද ටයරයක් නැවත පිරවීම සඳහා රුපියල් 25,000ක් අවශ්‍යය බවත් ලිහිසි තෙල් මිල හා අමතර කොටස් මිල 500%කින් පමණක් ඉහල ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
එමෙන්ම, පසුගිය කාලයේදී ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ බවත් එම නිසා සිය ආදායම් අඩු වූ නමුත් බස් රථ නඩත්තු වියදම් දිගින් දිගටම ඉහල යන බවත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
මේ නිසා ඉදිරියේදී ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු සංශෝධනයකට යා නොහැකි බවත් අමතර කොටස්, ලිහිසි තෙල් හා සේවා ගාස්තු අඩු කිරීමට වැඩපිළිවෙලක් අනිවාර්යයෙන් අවශ්‍ය බවත් තවදුරටත් ඒ මහතා පවසා සිටියේය.