Connect with us

පුවත්

ඩුබායිවලට ගිහින් CIDය ‍ගෙනා “පියුමා”

Published

on

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා බවට ආරක්ෂක අංශ විසින් පවසන “පියුමා” නැමැත්තාගේ පෙර වැරදි සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

සැකකරු පළමුව 2018 වර්ෂයේදී හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී අධිකරණය විසින් ඔහුව 2018 වර්ෂයේ අගෝස්තු මස 31 වනදා සිට මාස තුනක කාලසීමාවක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත. 

අනතුරුව සැකකාර “පියුමා” නැමැත්තා යළිත් 2019 වර්ෂයේ ගංජා සුරුට්ටුවක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

2019 වර්ෂයේ දෙසැම්බර් මස 12 වනදා එළෙස අත්අඩංගුවට ගෙන ඇති “පියුමා” නැමැත්තාව පසුදින (2019.12.13) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 10,000ක දඩයක් පනවා තිබේ.

මේ අතර 2021 වර්ෂයේ ජනවාරි මස 25 වනදා පානදුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාවතගේ ලක්ෂාන් සඳරුවන් නමැති අයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.

එම යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇත්තේ සැකකාර “පියුමා” නැමැත්තා බවට අනාවරණය වීමත් සමග 2023 වර්ෂයේ අගෝස්තු මස 23 වනදා ඔහුව එම ඝාතන සිද්ධියේ 08 වන සැකකරු ලෙස නම්කර තිබුණි.

මෙහිදී පොලීසිය විමර්ශන ආරම්භ කර සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි 09 වනදා ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරුව ජාත්‍යන්තර පොලීසියේ සහාය මත මෙරටට උදර්පණය කිරීම සඳහා සැකකරුට විරුද්ධව 2023 වර්ෂයේ නොවැම්බර් මස 02 වනදා රතු නිවේදන ලබාගෙන තිබුණි.

මේ අතර 2022 වර්ෂයේ ජුනි මස 29 වනදා කටුබැද්ද ප්‍රදේශයේදී නිලන්ත කුමාර සහ මොහොමඩ් සම්සාඩ් යන පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද “පියුමා”ට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ.

එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ කුඩු සළිඳුගේ දැනුම්දීම මත විදේශගතව සිටිමින් “පියුමා” නැමැත්තා මෙම අපරාධය මෙහෙයවා ඇති බවය.

ඒ අනුව 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වනදා සැකකරු එම ද්විත්ව ඝාතන සිද්ධියේ 05 වන සැකකරු ලෙස නම්කර තිබේ.

මේ අතර කුඩු සළිඳු සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථනයේ තිබූ තොරතුරුවලට අනුව 2022 වර්ෂයේ ජුලි මාසයේ 06 වනදා සිට 2023 වර්ෂයේ පෙබරවාරි මාසයේ 28 වනදා දක්වා අවස්ථා 53කදී “පියුමා” සහ කුඩු සළිඳුගේ වැඩිමහල් සහෝදරයා වන සදීෂ් ගුණරත්න සමග රුපියල් මිලියන 83ක් ගනුදෙනු කර ඇති බව අනාවරණය වී තිබේ.

මේ අතර “පියුමා” නැමැත්තා විසින් කුඩු සළිඳු වෙත වට්ස්ඇප් ඔස්සේ යවන ලද රිවෝල්වර වර්ගයේ ගිනි අවියක ඡායාරූප සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පියුම් හස්තික නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණි.

ඔහුව දැනට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන සිදුකරනු ලබයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved