Connect with us

පුවත්

ඩුබායි රත්තරන් අල්ලගන්න ඉන්දියාවෙන් ඔත්තුවක් !

Published

on

රුපියල් කෝටි 40 ක අධික වටිනාකමින් යුත් කිලෝ 22 ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ රන් තොගය අල්ලා ගැනීමට රේගුව සමත්ව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියමලාපිටිය මහතා වෙත ඊයේ (08) ඉන්දියාවේ Directorate Of Revenue Intelligence ආයතනය මගින් ලබා දී තිබු බුද්ධි තොරතුරකට අනුවය.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු රේගු පරිශ්‍රය තුළදී පරීක්ෂාවට ලක් කර මේ රත්‍රං තොගය සොයාගෙන තිබේ.

මෙම හතර දෙනාගෙන් තුන් දෙනෙකු ඩුබායි සිට චෙන්නායි හරහා ශී ලංකන් ගුවන් සේවයට අයත් UL 126 දරණ ගුවන් යානයෙන් ඊයේ (09) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බෑගයන් තුළ සඟවා තිබූ රන් ආභරණ හා ද්‍රව ලෙස සකස් කරන ලද රන් කුඩු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත.

රන් ආභරණ ඉතා සූක්ෂම ලෙස හඳුනා ගැනීඹට නොහැකි වන සේ වර්ණ ගන්වා තිබූ අතර, රන්කුඩු සැඟවීමට පහසු වන සේ කැප්සියුල් ආකාරයෙන් සකසා තිබේ.

එසේම රන්කුඩු සූක්ෂම ලෙස ආලේප කරන ලද ඇඳුම් 30ක් සොයා ගැනීමට හැකිව ඇතැයි සදහන් කෙරේ.

සොයා ගන්නා ලද රත්‍රන් වල සම්පූර්ණ බර කිලෝ 22කට ආසන්න වූ අතර වටිනාකම රුපියල් මිලියන 400කට ආසන්න වේ.

රේගු ඉතිහාසයේ සිදු කළ දැවැන්ත වැටලීම් වලින් එකක් වන මෙය සිදු කිරීම සඳහා සහය දුන් Directorate Of Revenue Intelligence ආයතනය වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සිය කෘතඥතාව පළ කර තිබීම ද විශේෂිතය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved