පුවත්

ඩෙංගු තුන් ගුණයකින් වැඩි වෙයි : මාස දහයට 60ක් මිය ගිහින්

Published

on

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 60දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ වයස අවුරුදු 50ට අඩු පිරිස් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000කට අධිකය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම ඩෙංගු රෝගය ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Trending

Exit mobile version