ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකය.
මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ ඉදිරි මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම පාලනය සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවය.
වසරේදී ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 22,943 දෙනෙකු වාර්තා වී ඇති අතර ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09කි.