Connect with us

පුවත්

ඩෙල්ෆ්ට් හා කුරිකට්ටුවාන් මගී ප්‍රවාහනයට එක් වන ‘නෙඩුන්තාරකයි’

Published

on



නාවික හමුදාව මඟින් නවීකරණය කිරීමෙන් අනතුරුව ‘නෙඩුන්තාරකයි’ මගී ප්‍රවාහන යාත්‍රාව මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත එය ඊයේ (19) දින භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

එම අධිකාරිය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් හා මඟපෙන්වීමෙන් මෙම කටයුතු කර ඇති බව සඳහන්ය.

එහි අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ යාත්‍රා අලුත්වැඩියා අංගනයේදී සිදුකෙරුණ බව නාවික හමුදාව නිවේදනය කරයි.

ඒ අනුව, එම අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීමෙන් පසු, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම, 2024 සැප්තැම්බර් මස 19 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ මහතාගේ හා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පීඑස්එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේදී සිදුවිය.

එම අවස්ථාව සඳහා නාවික හමුදා සමුද්‍රීය ඉංජිනේරු අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, උතුරු පළාත් සභාවේ හා ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved