ඩෙල්ෆ් මුහුදු තීරයේදි කැස්බෑ මළ සිරුරු 4ක් සොයාගත් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
මේවන විට මෙරටින් කැස්බෑ මළ සිරුරු 35 ක් සොයාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.
පසුගිය 22 වැනිදා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසූ මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 31 ක්.
පිටත ආවරණයට දැඩි හානි සිදුවු කැස්බෑවුන් තුන් දෙනෙකු ද ගොඩගැසූ අතර එම සත්වයින්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.
බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූවූ පිපිරීමක් බවට තොරතුරු අණාවරණය වෙමින් ඇතැයි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී, එම තොරතුරු අනාවරණ වී තිබේ.
වැල්ලවත්තේ සිට ගාලු මුවදොර දක්වා වෙරළ තීරය තුලින් හමුවූ කැස්බෑ මළ සිරුරු කිහිපයක් පහත දැක්වේ.
සබැඳි පුවත්
කැස්බෑවුන් මියයන්නේ පිපිරීමකින්; සිරුරු 25ක් සොයා ගැනේ
මළ කැස්බෑවෝ වෙරළට ගොඩ ගසන්නේ ඇයි?