ලබන වසරේදී තමන් මැණික් අපනයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් රටට ලබාදෙන බවත් එසේ නොවුණහොත් තමන් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා අද (23) පාර්ලිමේන්තුවට පැවැසීය.
ඔහු දැක්වූ අදහස් මෙසේය.
“ඩොලර් බිලියනයක ගල් (මැණික්) රටින් පිටට ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 170යි. නමුත් මේ ඩොලර් ටික ලංකාවට එන්නේ නෑ. මේ ගැන අපි සාකච්ඡාවක් පවත්වනවා. දින 180ක් තුළ මේ රටට ඩොලර් එන්න ඕන.
අපි මැණික් ක්ෂේත්‍රය වැටෙන්න දෙන්නේ නෑ. මම මගේ උත්සාහයෙන් මම ලබන වසරේදී ඩොලර් මිලියන 500ක් රටට හොයලා දෙනවා කියලා අනිවර්යයෙන් කියනවා. නැත්නම මම ඇමතිකමින් අයින් වෙනවා. මිලියන 500ක් හොයන්න බැරිවුණොත්”