Connect with us

පුවත්

“ඩෝ ටු ‌ඩෝ” භාණ්ඩ බෙදීම වහාම අත්හිටුවයි

Published

on

නිවසටම  භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබේ.

විදෙස්ගත පුද්ගලයන් විසින් මෙම ක්‍රමවේදය හරහා විවිධ භාණ්ඩ මෙරටට යොමුකරන අතර, එම භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම මෙමඟින් සිදු කර තිබිණි.

මේ පිළිබඳ දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ ඒ හරහා සිදු කළ විවිධ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් “ඩෝ ටු ඩෝ” භාණ්ඩ සැපයුම් ක්‍රමවේදය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා රේගුව පවසයි.

ඒ අනුව දෙසැම්බර් පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක අතර, එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය අදාළ නොවන බව සඳහන් වේ. 

කෙසේ වෙතත් දෙසැම්බර් මස පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රි ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකිය.

මෙම ක්‍රමවේදය මඟින් භාණ්ඩ ප්‍රවාහන සමාගම් වෙත නිකුත් කරන භාණ්ඩ අස්ථානගත වීම, බහලුම් විවෘත කිරිම ඇතුළු විවිධ අකටයුතුකම් පිළිබඳ ඇතැම් පාර්ශ්ව ශ්‍රි ලංකා රේගුව වෙත චෝදනා කළ ද ඒවා සිදු කරනු ලබන්නේ මීට සම්බන්ධ අතරමැදි පාර්ශ්ව විසින් බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම ගත වූ දින තුනක කාලය තුළ මත්ද්‍රව්‍ය කිළෝග්‍රෑම් 20ක් පමණ “ඩෝ ටු ඩෝ”  භාණ්ඩ සේවා සැපයුම් ක්‍රමවේදය හරහා මෙරටට ගෙන්වා තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එම කරුණු ද එම ක්‍රමවේදය අත්හිටුවීමට හේතු වී තිබේ.

ශ්‍රි ලංකා රේගුව පවසන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම වර්තමානයේ දී මෙම ක්‍රමවේදය හරහා සිදු කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් සිදු කරන නිසි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකින් අනතුරු ව මනා විනිවිදභාවයකින් යුතු නියාමනයකට යටත් ව අදාළ ක්‍රමවේදය යළි ලබන වසරේ දී ක්‍රියාත්මක කිරිමට සැලසුම්කර ඇති බව ද ශ්‍රි ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ තීරණය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත පෞද්ගලික ප්‍රවාහන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් දැඩි අසීරුතාවට පත්වන බව එක්සත් ගමන් භාණ්ඩ සේවා සපයන්නන් ගේ සංගමයේ සභාපති පණ්ඩුක රත්නායක මහතා කියා සිටී.

මේ අතර, මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් තීරුබදු ප්‍රතිලාභ ඉහළ නැංවීමේ ක්‍රමවේදය සකස් කිරීමට ශ්‍රි ලංකා රේගුව තවදුරටත් අපොහොසත් වී ඇති බව කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළේය.

පුවත්

වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

Published

on

By

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා   මියගිය  26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ  දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.

අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.

වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන රෝහ­ල්ගත කිරී­මෙන් පසුව මිය­ගිය බව කියන මීග­හ­කි­වුල, පහ­ල­ගෙ­දර තුරු­ලිය සෙවන පදිංචි මුතු­වා­ඩි­යගේ සත්සර නිමේෂ් නැමැති 26 වියැති තරු­ණ­යාගේ මර­ණ­යට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන්නැයි ඉල්ල­මින් මීග­හ­කි­වුල හා අවට ප්‍රදේ­ශ­වා­සීහු පසුගිය  (07) වැනිදා මීග­හ­කි­වුල නග­ර­යේදී නිහඬ උද්ඝෝ­ෂ­ණ­යක් ද සිදු කළහ.

Continue Reading

පුවත්

ශානි අබේසේකරට නව වගකීමක්

Published

on

By

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව මෙම විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතීත්වයෙන් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයින් ගණන පහ දක්වා වැඩිවිය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved