පුවත්

ණය අය නොකර තෙල් මිල වැඩිකර ජනතාව තැලීමේ ‌ඉන්ධන මිල සූත්‍රය

Published

on

ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා  පසුගිය 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා ලබා දුන් ඉන්ධන සදහා අයවිය යුතු රුපියල් බිලියන දෙසිය තිස්හතරක (234) මුදලක් අය කර ගැනීමට තිබියදී එම මුදල් අය නොකර  මිල ඉහල දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති සිය විර‌ෝධය දක්වා තිබේ.

ඉන් වැඩිම මුදලක් ලබා ගැනිමට ඇත්තේ විදුලිය නිෂ්පාදනයට විදුලි බල මණ්ඩලයට හා පුද්ගලික බලාගාර සදහා ලබා දුන් ඉන්ධන සදහා වන අතර එම මුදල බිලියන එකසිය විසිඅටකි (128). 

ලංකා විදුලි බල මණ්ඩලයෙන් පමණක් බිලියන අසු හයක් (86) අය කර ගැනිමට ඇති බව තෙල් සංස්ථාව පසුගියදා සකස් කළ වාර්තාවේ සදහන් වේ.

මීට අමතරව ශ්‍රිලංකන් ගුවන් සමාගම, දුම්රිය දෙපාර්තමේන්තුව, මගනැගුම, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා ගමනාගමන මණ්ඩලය හා ලිට්රෝ සමාගම ආදී ආයතනවලින් රුපියල් බිලියන එකසිය එකක් (101) අය කර ගැනීමට ඇතැයි පැවසේ.

ඊට අමතරව ත්‍රිවිද හමුදාව හා පොලිස් දෙපාර්තමේන්තුව සදහා ලබා දී ඇති ඉන්ධන සදහා ද සංස්ථාවට රුපියල් බිලියන තුනක මුදලක් අයකර ගැනිමට ඇති බව එම සමිති පවසයි.

බෙදුම් කරුවන්ගෙන් හා වෙනත් පාර්ශවයන් ගෙන් රුපියල් මිලියන නවසිය විසි අටක මුදලක් සංස්ථාවට අයකර ගැනිමට ඇති බවද පැවසේ.

අදාළ සම්පූර්ණ ලේඛනය පහත දැක්වේ.

Trending

Exit mobile version