පුවත්

ණය ‍ගෙවීම ගැන පැරිස් සමාජය සහ චීනයේ එක්සිම් බැංකුව හා අවබෝධතා ගිවිසුමක

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා රැස්වීම අවසන් වීමට පෙර රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පැරිස් සමාජය සහ චීනයේ ආනයන – අපනයන බැංකුව (එක්සිම් – EXIM) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට උත්සහ දරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියයි.

ඒ මහතා දිනමිණ පුවත්පතට පවසා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවට පැමිණි පසුව මෙලෙස අවබෝධතා ගිවිසුමට අත්සන් කරන බවයි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ කඩිනමින් සමාලෝචනය කරනු ඇති අතර එම සමාලෝචනයට පෙර ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පෙන්වා දී ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන මෙම සමාලෝචනය මඟින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330ක අරමුදල් නිකුත් කරනු ඇති බව සඳහන් කර ඇති ඇමැතිවරයා ඒ අනුව එම ණය වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය වැඩසටහනේ තෙවැනි වාරිකය බව ද කියා තිබේ.

ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළ කර ඇත.

මේ අතර, 2022 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කළ ගණනය කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාව, චීනය වෙත ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 07 ඉක්මවා ඇති බවද පැවසේ.

එය ශ්‍රී ලංකාව මේ මොහොතේ ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු ණය ප්‍රමාණයෙන් 52%ක තරම් විශාල අගයකි.

චීනය මේ වන විට එකඟත්වය පළකර ඇත්තේ, සිය සමස්ත ණය ප්‍රමාණයෙන්, චීන එක්සිම් බැංකුව විසින් ලබාදී ඇති ඩොලර් බිලියන 02ක ණය සඳහා පමණක්, 2023 සහ 2024 යන වසර 02 වෙනුවෙන් ණය නොගෙවා සිටීමේ සහනයක් ලබාදීමට පමණක් බවද මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඉන්දියාව හෝ ජපානය මේ වනතුරු සිය මූල්‍ය සහනයේ පරිමාව ප්‍රකාශයට පත්කර නැති නමුත්, පැරිස් සමාජය විසින් යෝජනා කර ඇති ‘වසර 10ක ණය නොගෙවා සිටීමේ සහනය සහ වසර 15ක ආපසු ගෙවීමේ සහන කාලය’ යන ක්‍රියාමාර්ගය ආසන්නයට ඒමට, එම ප්‍රධාන ණයහිමි පාර්ශව දෙකම කැමැත්තෙන් සිටින බවට ඉඟි පළවී ඇතැයි ද පැවසේ.

Trending

Exit mobile version