Connect with us

පුවත්

ණය නවලෝකයට BOCයෙන් දුන් මිලියන ගණනක ණය ගැන ඇමතිගේ අවධානය !

Published

on

බැංකු කිහිපයකට රුපියල් බිලියන 2.3කට ආසන්න ණයක් පවතින නවලෝක සමූහයට ලංකා බැංකුව විසින් AI බලයෙන් ක්‍රියාත්මක MRI යන්ත්‍රයක් මිලදී ගැනීමට මිලියන ගණනක තවත් ණයක් දී ඇති බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.

ඉකුත් කැබිනට් මාධ්‍ය හමුවේදී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු ඒ සම්බන්ධයෙන් නොදන්නා බවත්, සොයා බලා පිළිතුරක් ලබාදෙන්නට ද පොරොන්දු වී තිබේ.

කැබිනට් රැස්වීමෙන් පසුව අමාත්‍යවරයා අදාළ මාධ්‍යවේදියාගෙන් මේ සම්බන්ධ තොරතුරු ලබාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

ලංකා බැංකුව අදාළ ණය මුදල, ලබාදීමට පෙර නවලෝකයට මසකට ගෙවීමට රුපියල් මිලියන 335ක ණය වාරිකයක් තිබූ බවද පැවසේ.

හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් කෝටි 63කට ආසන්න ණයක් ලබාගෙන අදාළ ණය නොගෙවීම නිසා ඉකුත් වසරේදී එම බැංකුව විසින් කොළඹ ‌02 නව ලෝක රෝහල පිහිටි ඉඩම වෙන්දේසි කිරීම සඳහා ද අධිකරණ තීන්දුවක් ලබාගෙන වෙන්දේසියට නිවේදන ද නිකුත් කර තිබූ අතර පසුව නවලෝකය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන එය අතුහිටුවා ගත්තේය.

මේ වන විට ලංකා බැංකුව, HNB යෙන් ගෙන ඇති කෝටි 63ක ණය මුදල ද පියවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ලංකා බැංකුවේ සභාපති කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතාගෙන් හා ලංකා බැංකුවේ වගකිවයුතු නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප කිහිප අවස්ථාවක උත්සාහ කළ ද ඔවුන් එයට ප්‍රතිචාර නොදැක්වීය.

කෙසේවුවද, පසුව අප ශ්‍රී ලංකා මිරර් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙසේ ණය ලබා දී ඇති බව තමා දන්නා බවත්, මාධ්‍යට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමාට බලයක් නොමැති බවයි.

සබැඳි පුවත්

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved