Connect with us

පුවත්

ණය නවලෝකයට BOCයෙන් දුන් මිලියන ගණනක ණය ගැන ඇමතිගේ අවධානය !

Published

on

බැංකු කිහිපයකට රුපියල් බිලියන 2.3කට ආසන්න ණයක් පවතින නවලෝක සමූහයට ලංකා බැංකුව විසින් AI බලයෙන් ක්‍රියාත්මක MRI යන්ත්‍රයක් මිලදී ගැනීමට මිලියන ගණනක තවත් ණයක් දී ඇති බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.

ඉකුත් කැබිනට් මාධ්‍ය හමුවේදී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු ඒ සම්බන්ධයෙන් නොදන්නා බවත්, සොයා බලා පිළිතුරක් ලබාදෙන්නට ද පොරොන්දු වී තිබේ.

කැබිනට් රැස්වීමෙන් පසුව අමාත්‍යවරයා අදාළ මාධ්‍යවේදියාගෙන් මේ සම්බන්ධ තොරතුරු ලබාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

ලංකා බැංකුව අදාළ ණය මුදල, ලබාදීමට පෙර නවලෝකයට මසකට ගෙවීමට රුපියල් මිලියන 335ක ණය වාරිකයක් තිබූ බවද පැවසේ.

හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් කෝටි 63කට ආසන්න ණයක් ලබාගෙන අදාළ ණය නොගෙවීම නිසා ඉකුත් වසරේදී එම බැංකුව විසින් කොළඹ ‌02 නව ලෝක රෝහල පිහිටි ඉඩම වෙන්දේසි කිරීම සඳහා ද අධිකරණ තීන්දුවක් ලබාගෙන වෙන්දේසියට නිවේදන ද නිකුත් කර තිබූ අතර පසුව නවලෝකය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන එය අතුහිටුවා ගත්තේය.

මේ වන විට ලංකා බැංකුව, HNB යෙන් ගෙන ඇති කෝටි 63ක ණය මුදල ද පියවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ලංකා බැංකුවේ සභාපති කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතාගෙන් හා ලංකා බැංකුවේ වගකිවයුතු නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප කිහිප අවස්ථාවක උත්සාහ කළ ද ඔවුන් එයට ප්‍රතිචාර නොදැක්වීය.

කෙසේවුවද, පසුව අප ශ්‍රී ලංකා මිරර් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙසේ ණය ලබා දී ඇති බව තමා දන්නා බවත්, මාධ්‍යට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමාට බලයක් නොමැති බවයි.

සබැඳි පුවත්

පුවත්

පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Published

on

By

2018 වසරේ අලි ඇතුන් ගම් වැඳීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව  – මහියංගන මාර්ගයේ පිහිටි කළු කැළේ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) තීන්දු කළේය.

ඒ අනුව අරලගංවිල පොලීසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර මහතා විසින් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුවන්ට රුපියල් 30000/- බැගින් වන්දි ගෙවිය යුතු බවත් නියෝග කරන ලදී.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආර්. ඒ. ගාමිණී ජයරත්න සහ එච්.ආර්. එරන්ද යන අය විසින් ඉදිරිපත් කළ මූලික පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

තීන්දුව තුළින් විනිසුරුවරු කියා සිටින්නේ පොලීසිය ඉල්ලා සිටි පමණින් යම් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරු කටයුතු නොකළ යුතු බවය.

සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීම සඳහා පොලිසිය විසින් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් විචක්ෂණශීලීව තීරණ ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව මෙම තීන්දුවෙන් පෙන්වා දී තිබේ.

ඇප පනත මගින් පිළිගෙන ඇති පරිදි ඇප ලබා දීම සම්මතය බවත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතු බව සඳහන් කළ විනිසුරුවරයා මහෙස්ත්‍රාත්වරයෙකු ඇප ලබා දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකළ යුත්තේ පොලිසියේ ඉල්ලීම මත පමණක් නොව අපරාධ යුක්තියේ අරමුණුවලට අනුකූලව බවත් සඳහන් කර සිටියේය.

අධිකරණය මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව මහෙස්ත්‍රාත්වරුන් දැඩි ලෙස දැනුවත් විය යුතු අතර, නීතියෙන් පිළිගත්  සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සීමා කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කළ යුතු බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මෙම තීන්දුවේ අඩංගු මූලධර්ම පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම සඳහා විනිසුරුවරුන් පුහුණු කිරීමේ  ආයතනය අවශ්‍ය පියවර ගනු ඇතැයි මෙම අධිකරණයේ අපේක්ෂාව බවත් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

එසේම මහජන උද්ඝෝෂණ විසුරුවා හැරිය යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දැනුවත් කිරීම අවශ්‍ය බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කර සිටියේය.

ඊට අමතරව වල් අලි ගම් වැදීම වැළැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවි අධ්‍යක්ෂ ජෙනරල්වරයාටද නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුවේ පිටපත් අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, පොලිස්පතිවරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අරලගංවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශවයන්ට යොමු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Published

on

By

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මුහම්මදු සාලි නලීම් මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

ජූලි මස පළමුවන රැස්වීම් සතියේ පළමු රැස්වීම අද යි.

පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2437/04 දරන ගැසට් නිවේදනයේ පළකර ඇති නියමයන් විවාදයට ගැනීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved