පුවත්

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව බදාදා කැබිනෙට්ටුවට (වීඩියෝ)

Published

on

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් සතිඅන්තයේදී පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව බදාදා දිනයේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමට ඉදිරිපත් කරන බවයි.

ඉන්පසු එය සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට ඉදිරිපත් කරන බවත්, සතිඅන්තයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව එයට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

ඉන්පසුව, අප ණයහිමියන් සමඟ ඉතිරි සාකච්ඡා ආරම්භ කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉංග්‍රීසි බසින් පැවති මෙම සම්මුඛ සාකච්ඡාව මෙසේය :

Trending

Exit mobile version