පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීන එක්සිම් බැංකුව හා ගිවිසුමට අත්සන් තැබේ

Published

on

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබීම අද (26) චීනයේ බෙයිජිං නුවරදී සිදුකෙරිණ. 

මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරටට සැලකිය යුතු ණය සහන සැලසෙන අතර, අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සලසා ගැනීම නැවත ආරම්භ කිරීමට ද අවස්ථාව හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී චීනයේ සිටිව ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණි.

ඉන් අනතුරුව, මෙම අවබෝධතා ගිවිසුම, කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී මෙරට  චීන තානාපති චී ජන්හොංග් මහතා හා මහාභාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න මහතා හුවමාරු කරගෙන තිබුණි.

Trending

Exit mobile version