පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපන් සහය!

Published

on

‍ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජපානය සහයෝගය ලබාදෙන බව පවසයි.

ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජපාන මුදල් අමාත්‍ය සුසුකි සුන්චි මහතා පෙන්වාදී තිබේ. 

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56 වැනි වාර්ෂික රැස්වීම අමතමින් ජපාන මුදල් අමාත්‍ය සුසුකි මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

අනාගත ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා ණය දත්ත විනිවිදභාවය සහ නිර්වද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් බැංකු පද්ධතියට ගැටලුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙම මස අවසන්විමට ප්‍රථම පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වන බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කරයි.

Trending

Exit mobile version