පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන ජනපතිගෙන් සුභ ආරංචියක්

Published

on

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් වන විට හෝ උපරිම නොවැම්බර් වන විට නිමා වනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අද (25) දිනයේදී ජපානයේ තෝකියෝ අගනුවරදී එරට අගමැති අගමැති ෆුමියෝ කිශිදා සමග පැවති හමුවකදීය.

මෙම සාකච්ඡා “විශිෂ්ට” ප්‍රගතියක් ලබා ඇතැයි ජනාධිපතිවරයා පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

(මූලාශ්‍රය : රොයිටර් පුවත් සේවය)

Trending

Exit mobile version