මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා ණයහිමි රටවල පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (09) පැවැත්වුනු අතර, මෙම රැස්වීමට චීනය නිරීක්ෂකයෙකු ලෙස එක්වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මධ්‍යම ආදායම්ලාභී ආර්ථිකයන්හි ණය දුෂ්කරතා විසඳීම සඳහා ආදර්ශයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි ණය හිමියන් බලාපොරොත්තු වන, අප්‍රේල් මාසයේදී වොෂින්ටන් නුවරදී හි දියත් කෙරුණු නව රාමුවක් යටතේ මෙම රැස්වීම පවත්වා තිබුණි.
රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් ජපානයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන මසාතෝ කන්දා මහතා පවසා ඇත්තේ චීනය නීරීක්ෂකයෙකු ලෙස මෙම රැස්වීමට එක්වූ බවත්, ඉදිරි රැස්වීම් වලදී පූර්ණ සාමාජිකයෙකු ලෙස එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
(මූලාශ්‍රය : රොයිටර් පුවත් සේවය)