මෙරට ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් පාරිභෝගිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ.
එම තීරණයට අනුව නිවාස මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙස නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය සඳහන් කරයි.
එමෙන්ම දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123 (1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමු කරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.