පුවත්

තද වැසි තවදුරටත් ; නායයාමේ ගැනත් දිස්ත්‍රික්ක 3කට අනතුරු ඇඟවීම්

Published

on

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාව හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මෙම තත්ත්වය හටගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ය.එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මි. මී 100 ඉක්මවූ තද වැසි ඇති වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, පවතින අධික වර්ෂාව හමුවේ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, ⁠නාගොඩ, ⁠යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ⁠මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රදේශ සඳහාත් මේ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අද (16) පස්වරු 7.30 සිට හෙට පස්වරු 7.30 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වේ.

Trending

Exit mobile version