Connect with us

පුවත්

තද වැසි සමඟ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Published

on

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (31) පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, කුරුවිට, රත්නපුර, ඉඹුල්පේ, කොලොන්න, ඕපනායක, කලවාන, ඇහැළියගොඩ, ඇලපාත, ගොඩකවෙල හා වැලිගෙපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02ක යටතේ නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකය.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ හා මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කුරූණෑගල, මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ද අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මේ අතර දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර තිබෙන අතර ඉන් මුදා හැරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 8400කි.

එමෙන්ම කුඩා ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී.සී සූගිෂ්වර මහතා පවසයි.

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

ලංගම ඩිපෝ 25ක් ගැන තීරණයක්

Published

on

By

තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට පසුගියදා (20 ) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

බිමල් රත්නායක මහතා පවසා සිටියේ, ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවය.

“එදා සුළු පිරිසක් හොරකමට දායක වුණා. අනෙක් අය නිහඬව බලා සිටියා. ලොකු ලොකු අය ලොකු ලොකුවට හොරකම් කරන කොට පොඩි පොඩි අය පොඩි පොඩියට හොරකම් කරන්න පුරුදු වුණා. ඇමතිවරයා හොරකම් කරකර ආයතනය විනාශ කරනවා දකින සුලු සේවකයාට කැරකෙන විදුලි පංකාවක් නිවා දමන්න හිතෙන්නේ නෑ.

ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම්.ඒ සඳහා සියළු තරාතිරම්වල සියළුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය යි. දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ හොයන්න කළින් සිද්ධවෙන පාඩු නතර කරගන්න ඕනෑ.ටිකට් කැඩීම සහ ටිකට් මුදල් එකතු කිරීම විධිමත් කළ යුතුයි.ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයි”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved