Connect with us

පුවත්

තද වැසි සමඟ සුළං ගැන කාළගුණයෙන් අනතුරු අඟවයි

Published

on

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති වෙයි.

උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

පුවත්

ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අක්‍රිය කරමින් ගැසට්ටුවක්

Published

on

By

ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් ක්‍රියා විරහිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Continue Reading

පුවත්

ගෝඨා උසස් කළ ජාතික පාසල් අහෝසි කෙරේ

Published

on

By

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ දී ආරම්භ කළ පළාත් පාසල් 671ක් ජාතික පාසල් බවට උසස් කිරීමේ ව්‍යාපෘතිය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. 

එම ව්‍යපෘතිය වෙනුවෙන් එක් පාසලක් සඳහා රුපියල් මිලියන 02 බැගින් රුපියල් කෝටි එකසිය 134කට අධික මුදලක් ලබා දුන් අතර එම ප්‍රතිපාදන යොදවා පාසලේ නව නාමපුවරුව සකස් කිරීම හා හදිසි ප්‍රතිසංස්කරණ කටයුතුවලට යොදවන ලෙස උපදෙස් දී තිබිණි.

එම උපදෙස් අනුව අදාළ පාසල් කඩිනමින් ජාතික පාසල් නාමපුවරුව සකස් කර ගත් අතර ඒ සඳහා රුපියල් ලක්ෂ පහේ සිට ඊට වැඩි මුදලක් වැය කර තිබිණි. 

එම නාම පුවරු සියල්ල ගලවා ඉවත් කරන ලෙස මේ වනවිට දැනුම් දෙනු ලැබ තිබේ. 

එමෙන්ම මින් ඉදිරියට ජාතික පාසල් නාමය, ඊට අදාළ ලිපි ශීර්ෂ සහ නිලමුද්‍රා ආදිය කඩිනමින් ඉවත් කරන ලෙසට ද උපදෙස් දෙනු ලැබ ඇත. 

මෙම තත්ත්වය නිසා නැවතත් පැරැණි නාමය යටතේ ලිපි ශීර්ෂ, නිලමුද්‍රා ආදිය අලුතින් සකස් කර ගැනීමට එම පාසල්වලට සිදු වී ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ දැනට පවතින ජාතික පාසල් 329 දහසක් දක්වා වැඩි කිරීම සඳහාය. ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ ජාතික පාසල් බවට පත්කර ඇත්තේ පාසල් 05ක් පමණි. 

එවකට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය කපිල පෙරේරා වත්මන් ආණ්ඩුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

තැපැල් වර්ජනය අවසන්

Published

on

By

විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද (31) දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවය.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයේ නිරතව සිටි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ (30) පස්වරුවේ සිට සේවයට වාර්තා කර ඇති බවයි.

වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදාහැරීම  මේ වනවිට  ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගමින් මෙම වර්ජනය ක්‍රියාත්මක විය.

එම වැඩවර්ජනය මගින් සිය ගැටලු පිළිබඳ අදාළ බලධාරින්ගේ අවධානය යොමු කරවූ බවයි විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්:

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved