පුවත්

තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

Published

on

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක් වලංගුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Trending

Exit mobile version