Connect with us

පුවත්

තද සුළං සුළි කුණාටුවකට හැරෙයි; ප්‍රදේශ 6කට මහ වැසි

Published

on

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය අද (27) දිනයේදී සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මෙම පීඩන අවපාතය ඊයේ (26) පෙරවරු 11.30 ට පමණ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 280 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා තිබූ අතර, එය මෙරට නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ පළාත් හයක තද වැසි ඇතිවන අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං පවතින අතර, අද (27) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවන බවද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 27 ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර මහතා කියා සිටී.

දිවයිනේ ප්‍රධාන වැව් 73 හි සමස්ත ජල ධාරිතාවය සියයට 65 ක් දක්වා වර්ධනය වී ඇත. 

මේ අතර, අධික වැසි තත්ත්වය සමග ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. 

28 වැනිදා දක්වා වැස්ස පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පුවත්

කොත්මලේ බස් අනතුරින් දිවි අහිමිවූවන්ට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත

Published

on

By

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.

Continue Reading

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved