Connect with us

පුවත්

තමාට වෙඩි තැබුවේ පවතින ක්‍රමය විසින් – මන්ත්‍රී උද්දික කියයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

එහිදී උද්දික ප්‍රේමරත්න මහතා තරයේ ප්‍රකාශ කර සිටියේ රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීය.

“17 වෙනිදා රාත්‍රීයේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වෙද්දි පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ඒ වෙලාවේ මට කතා කරපු මගේ ගැන හොයලා බලපු සියලුදෙනාටම ගොඩක් ස්තූතියි. මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදියි, දේශපාලනයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමා මුළු රටම අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දෙපැත්තේම ඒ වැරැද්ද තියෙනවා. අපි මේක වෙනස් කරගන්න, මේකේ නිවැරදි තැන අපි හොයා ගන්න ඕනේ. මේකේ අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද කියන එක අපි හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන රටේ ජනතාවත් වැඩකරන්න ඕනේ, දේශපාලන නායකයොත් වැඩකරන්න ඕනේ. ඒ වෙනස මේ රටට ගේනකල් මම හිතන්නේ නෑ අපේ රට අනිත් රටවල තියෙන දියුණු තත්ත්වයට, දියුණු මිනිස්සු ඉන්න රටක් බවට අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ දේශපාලන, සමාජ පරිවර්ථනය මේ රට ඉල්ලනවා. අපි හැමවෙලේම කියන්නේ ඒ වෙනස මේ රටට ඇප්ලයි කරන්න. ඒ නිසානම් අපිට තර්ජන එල්ල වෙන්නේ. හැමෝම හොයලා බලන්න ඕනේ මේ වෙනස ඇති කරන්නේ කොහොමද කියලා. වෙනස හොයාගෙන දෙගොල්ලෝම වැඩකරමු. අපි තරුණ මන්ත්‍රීවරු විදියට ඒ වෙනස වෙනුවෙන් ඉදිරියටත් වැඩකරනවා.”

සබැඳි පුවත්  :

උද්දිකට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ CIDය යටතට (Update)

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved