පුවත්

තඹුත්තේගම රිය අනතුරකින් 4ක් මරුට

Published

on

තඹුත්තේගම – එරියාගම ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතර දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

කුරුණෑගල සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසළ නැවැත්වීමට යාමේදී පසුපසින් පැමිණි වෑන් රථයක් ලොරි රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ සිටි අට දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.

මිය ගිය පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 36 හා 46 වයස්වල පසුවන්නන් අතර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 36 හා 43 වයස්වල පසුවන කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් බවට අනාවරණ වී ඇත.

අනතුරින් 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, අවුරුදු 11 ක් සහ අවුරුදු 6 ක් වයසැති පිරිමි දරුවන් දෙදෙනෙකු මෙන්ම 8 හැවිරිදි ගැහැණු දරුවෙකුද තුවාල ලැබීය.

මෙම මාරක අනතුර වෑන් රථයේ රියදුරුගේ අධික වේගය හා අපරීක්ෂාකාරී බව නිසා සිදුවූ අනතුරක් බව විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Trending

Exit mobile version