වෘත්තීය සමිති අද (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර මහතා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.