Connect with us

පුවත්

තරුණ තරුණියන් පිරිසක් සමඟ මහින්ද දේශප්‍රිය කොටුව දුම්රියපොළ ඉදිරිපිට (වීඩියෝ )

Published

on

පළාත් පාලන ආයත ඡන්ද විමසීමේදී තරුණයන්ට ලබාදෙන කෝටාව පළාත් සභා හා මහ මැතිවරණවලදී ද ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අදට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව තරුණ තරුණියන් පිරිසක් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඡන්දය ලබාදීමට තරුණ තරුණියන්ට ඡන්ද පොළට යන ලෙස දැනුම්දෙන එම පත්‍රිකා බෙදා හැර තිබේ.

වීඩියෝ – Daily Mirror

පුවත්

සුදු මැස්සා රෝගය මර්ධනය කරන්න ඉන්දුනීසියාවෙන් සහය

Published

on

By

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය හා පොල් කෘමි හානි මර්ධනය කිරීමට තම රට යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ පිළියම් මෙරට පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය මර්ධනය කිරීම සඳහා ලබාදීමට හැකි බව ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගස්ටිනා තෝබීන් (Dewi Gustina Tobing) මහත්මිය පැවසිය.

ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පසුගිය 17දා පැවැති සාකච්ඡාවකදීය.

පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය මර්ධනය කිරීමටත් පොල් වගාව දියුණු කිරිමටත් ඉන්දුනීසියාව අනුගමනය කරන ක්‍රමවේද සහ තාක්ෂණය ලබාදී සහයෝගය ලබා දෙන්නැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉන්දුනීසියානු තානාපතිනිය දේවී ගස්ටිනා තෝබීන් මහත්මියගෙන් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් තානාපතිනිය මෙම එකඟතාව පළ කළාය.

අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස, හෙක්ටයාර එකත් හෙක්ටයාර පහත් අතර භූමියක ඉන්දුනීසියාවේ භාවිතා කරන දෙමුහුන් පොහොර යොදා පොල් වගාවක් සිදුකිරීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවව පළවිය.

මෙරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පොල් වගාව ඉහල තැනක තිබුණද අද එය පහල වැටී ඇති බවත් ඉදිරි වසර පහ තුල පොල්වලින් ලබා ගන්නා අපනයන ආදායම ඉහල නැංවීමට කටයුතු කරගෙන යන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

Continue Reading

පුවත්

රුසියාව ගෝලීය වේදිකාවේ හුදකලා වෙලා නෑ – රනිල් (විඩියෝ)

Published

on

By

රුසියාව ජාත්‍යන්තර වේදිකාවේ හුදකලා වී නොමැති බව තමා සිතන බවත් රුසියාව ආසියානු කලාපයේ ජාතීන් සමඟ අඛණ්ඩව අන්තර් ක්‍රියා කරන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති වැල්ඩායි සාකච්ඡාවට සම්බන්ධ වී සිටන අතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර, බ්‍රික්ස් සමූහයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, මෙහි නැගී එන ගෝලීය වැදගත්කම හඳුනාගනිමින් සිය ජනාධිපති ධුර කාලය තුළ බ්‍රික්ස් සාමාජිකත්වය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළ බවද පැවසීය.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය බිඳවැටීමෙන් පසු, බටහිර සංවර්ධිත ලෝකයේ කොටසක් නොවන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා බ්‍රික්ස් සමූහය වැදගත් වේදිකාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Continue Reading

පුවත්

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට ඇප (UPDATE)

Published

on

By

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 19, ප.ව.3:36)

කෙහෙළිය ගෙදර යයි. බෑණා කෙනෙක් සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට (UPDATE)

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම පවසා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන බවය.

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.11.38 )

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved