පුවත්

තරුණ තරුණියෝ පනස්දාහක් රස්සා කරන්නේ SPA වල 

Published

on

මෙරට තුළ “ස්පා”නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

මෙම ස්පා මධ්‍යස්ථාන 6,000 ක් පමණ රටපුරා තිබෙන බවත්, එම මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොමැති බවද ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසීය.

මෙම ස්ථාන අදාළ ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල පමණක් ලියාපදිංචි කර ඇතැයි ද ඔහු කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ආර්යුවේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත VAT බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

එමෙන්ම පාරම්පරික වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version