පුවත්

තරුණ සේවා සභාවට ප්‍රතිපාදන දෙන්න කැබිනට් අනුමැතිය

Published

on

ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව තීරණය කර තිබෙන බවට වාර්තා වේ.

තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහි කිරීම, ජාතික සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ මාර්ගෝපදේශන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ කඳවුරු පැවැත්වීම ජාතික තරුණ සම්මේලනයක් පැවැත්වීම යන වැඩසටහන් මේ අනුව තරුණ සේවා සභාව විසින් සැලසුම් කර තිබුණි.

එම වැඩසටහන් පැවැත්වීමටත්,ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික තරුණ සේවා සභාව වෙත සලසා දීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Trending

Exit mobile version