පුවත්

තරුෂිගේ ඔලිම්පික් ඇඳුම් කට්ටලයක් IOC කෞතුකාගාරයට! (ඡායා)

Published

on

ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලයක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර ඇත.

ස්විට්සර්ලන්තයේ පිහිටි මෙම කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා තරුෂි විසින් ලබාදුන් මෙම ඇඳුම් කට්ටලයට ඇය සිය අත්සනද තබා ඇත.

මෙම ඇඳුම් කට්ටලය, ඔලිම්පික් ගම්මානයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ට නිලධාරිනියක් වන ඈන් ජැකාඩ් මහත්මිය වෙත භාරදී තිබුණු බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.

මේ වෙනුවෙන් තරුෂි වෙත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් අත්සන් තැබූ සහතිකයක්ද ලැබීමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

(ඡායා :ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ෆේස්බුක් පිටුවෙන්)

Trending

Exit mobile version