ලක පරසිඳු මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තබා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එම හෝටලයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේවන විට නඩු 3ක් පවරා ඇති බවත්, ඒවා ලබන ජනවාරි 02 වැනිදා කැඳවීමට නියමිත බවද පැවසේ.
අද (23) දහවල් 11.45 ට පමණ මෙම හෝටලයේ පිවිසුම් දොරටුව හදිස්සියේම වසා දමා තිබීමත් සමඟ මේ සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය යොමුව තිබේ.
කෙසේවුවද, මේ සුපිරි හෝටලයේ අහාර පිලියෙල කිරිම සඳහා භාවිතා කෙරෙන කුස්සිය ඉතාමත් අපිරිසිදු තත්වයක තිබී ඇති අතර, එහි අධිශිතකරණවල සහ ශිතකරන වල පිසිමට ගන්නා මස් මාලු ගබඩා කර තිබී ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරවය.
නොව පිසින ලද ආහාරද මේ සමගින් ශිතකරණවල ගබඩා කර තිබී ඇති බව පැවසේ.
එමෙන්ම එහි තිබු පානිය ජල බෝතල් පවා කල්ඉකුත්වු ඒවා බවද වාර්තා වේ.
මේ අතර, හදිස්සියේ සිදු කළ මේ වැටලීම පිටුපස මීගමුවේ ප්‍රසිද්ධ දේශපාලඥයකු සිටින බවට ද දේශපාලන ක්ෂේත්‍රයේ කසු කුසුවක් පැතිර තිබේ.
කලින් ක්‍රීඩා අභ්‍යාස ගුරුවරයෙකුව සිට පසුව ප්‍රකෝටිපතියෙක් වූ ධනේෂ් ද සිල්වා මහතා මෙහි හිමිකරු වේ.
ගෙවුණු වසර කිහිපයකදීම රංගන හා ගායක තරු පිරිවරා සිදු කළ නත්තල් සාදය නිසා මේ හෝටලය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබිණි.
මූලාශ්‍රය හා ඡායාරූප – මීපුර